Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2018 22:19:14 Hours

පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා 70 කට අධික භට පිරිසගේ සහාය

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් සෙනසුරාදා (17) දින පාලිනගර් දමිළ විද්‍යාල පරිශ්‍රය සහ තුනුක්කායි ක්‍රීඩාංගනය පිරිසිදු කිරීම සඳහා සිය ශ්‍රමදායකත්වය ලබාදුනි.

10 වන ‍ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සුභාෂ් කරුණාරත්න ගේ උපදෙස් මත මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා එම ඒකකයට අයත් නිලධාරින් 2 ක් ‍සහ සෙසුනිලයින් 72 ක් එක්ව සිටියහ.

මෙම ශ්‍රමදාන වැඩසටහන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ආශීර්වාදය ඇතිව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ මඟපෙන්වීමෙන් පවත්වන ලද අතර ඒ සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදා භට පිරිස් වෙත විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ දෙමාපියන් සිය ස්තුතිය පිරිනැමුහ.

Authentic Sneakers | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta