Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th September 2018 17:30:02 Hours

පාසල් ක්‍රිකට් කණ්ඩායමට 61 වන සේනාංකයේ සහාය

61 වන සේනාංක මූලස්ථානයේ ඉල්ලීමකට අනුව වවුනියාව, පුතුකුලම් මහා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිරිනමමින් සහයෝගය දැක්වීම සඳහා ගුණ ජය සතුට පදනම ඉදිරිපත් විය.

වවුනියාව, පුතුකුලම් මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ තිලකරත්න ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින් සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති පාසල් ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය බැට්, හිස් වැසුම්, ක්‍රිකට් අත්වැසුම්, පැඩ් ඇතුළු අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් බදාදා (12) දින පැවැති උත්සවයක දී ප්‍රදානය කරනු ලැබීය.

ගුණ ජය සතුට පදනමේ නියෝජිතයින් සමඟින් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහභාගි වූ අතර යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පුතුකුලම් මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් ද සහභාගි වූහ. Asics shoes | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ