Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th August 2017 00:22:27 Hours

පාබල හමුදා නව ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ආරාධනයෙන් සිකුරාදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සුභ මොහොතින් විවෘත කරන ලදි.

පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි යුද්ධ හමුදාපතිතුමන් පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම් කිත්සිරි විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරය යුද්ධ හමුදාධිපතිවරයා වෙත පිරිනමන ලදි. අනතුරුව පාබල රෙජිමේන්තු අධිපති සමගින් සම්මාන ආචාර පෙළපාලිය පරික්ෂා කරන ලදි.

පසුව පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විමෙන් අනතුරුව අභිනවයෙන් ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රීඩාගාරය සම්ප්‍රදායානුකුල පොල් තෙල් පහන දල්වා පීත්ත පටිය කැපිමෙන් පසු විවෘත කරන ලදි.

පාබල රෙජිමේන්තු භඨ පිරිස් වෙත අත්‍යවශව පැවති මෙම ක්‍රීඩාගාරය පාබල හමුදා සියළුම නිලයින්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඉදිකරන ලද අතර, විවෘත කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා කබඩි කණ්ඩායමත් ගැමුණු හේවා බලඇණියේ කබඩි කණ්ඩායමත් අතර ප්‍රදර්ශණාත්මක කබඩි තරගයක් පවත්වන ලදී.

පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ යෝජනාවකට අනුව පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල ස්ථාපිත මෙම ක්‍රීඩාගාරය පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල ස්ථාපිත 4 වන පාබල ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදි.

යුද හමුදා ක්‍රීඩකයින් ඉහලම ප්‍රමිතින්ට අනුකුලව ස්කොෂ්, වොලිබෝල්, බාස්කට්බෝල්, බැඩ්මින්ටන් හා බර එසවීම වැනි ක්‍රීඩා කටයුතු සිදුකිරිමටත් තරග පැවැත්විමේ අභිප්‍රායෙන් ආරම්භ කරන ලද මෙම නව ගෘහස්ථ ක්‍රීඩාගාරය අධියර 03 ක් යටතේ නිම කරන ලදි.

විවෘත කිරිමේ උත්සවය අවසානයේදී පාබල රෙජිමේන්තුවේ නිලධාරින් 125 ක් හා සෙසුනිළයින් 1500 ක් ඇමතූ යුද්ධ හමුදාධිපති හැකියාවන්ගෙන් පෝෂණය වූ හමුදාවක ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදි. වර්ථමානයේ දී රටෙහි අවශ්‍යතාවයන්ට අනුකූල වන සේ යුද්ධ හමුදාවට දායක විය හැකි විවිධ කාර්යයන් පිළිබඳව ද පැහැදිලි කරන ලදි.

යුද්ධ හමුදාපතිවරයාගේ මෙම පාබල හමුදා සංචාරය සනිටුහන් කරනුවස් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් හමුදාධිපති වෙත සමරුඵලක ප්‍රදානයක් ද එහිදී සිදුවිය.

පාබල හමුදා නිලධාරින් හා සෙසුනිළයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

Adidas footwear | Zapatillas de running Nike - Mujer