Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2018 11:57:01 Hours

පාපැදි ධාවකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් ‘Ride with Pride’ පාපැදි සවාරිය සාර්ථකව අවසන්

යුද්ධ හමුදාව විසින් දෙවන වරට සංවිධානය කරන ලද ‘Ride with Pride’ පාපැදි සවාරිය පාපැදි ධාවන ක්‍රිඩකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් ගාලුමෝදර පිටිය අසලින් ඉරිදා (28) දින උදෑසන ආරම්භ විය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් ගාලුමෝදර පිටිය අසල දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘Ride with Pride’ පාපැදි සවාරියේ ධජය ඔසවා නරඹන්නන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ පාපැදි සවාරිය නිළ වශයෙන් ආරම්භ කරන ලදි.

යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සිවිල් අංශයන් නියෝජනය වන පරිදි පාපැදි ධාවකයින් 200 කට අධික ප්‍රමාණයක් සහභාගි වූ මෙම දැවැන්ත පාපැදි සවාරිය යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ සහ යුද්ධ හමුදා පාපැදි කමිටුවේ ප්‍රධානි බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මූලිකත්වයෙන් හා එම කමිටුවේ සමාජිකයින්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලදි.

මෙම පාපැදි සවාරිය ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය, ආර් ඒ ද මෙල් මාවත, මොරටුව, පානදුර (පරණ ගාලුපාර) සහ වලාන හන්දියෙන් නැවත හැරි කටුබැද්ද, යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල අසලින් අවසන් විය.

පාපැදි සවාරිය අවසන්වීමෙන් අනතුරුව කටුබැද්ද, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල අසල දී යුද්ධ හමුදාධිපතිතුමන් පාපැදි සවාරිය සඳහා සහභාගි වු පාපැදි ධාවකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.Sports News | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf