Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2018 15:42:40 Hours

පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානී, අග්‍රාමාත්‍යතුමා සහ ආරක්ෂක ලේකම්තුමා හමුවේ

සංචාරක පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar JavedBajwa) බදාදා (17) උදෑසන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල විද්‍යාරත්න මහතා එම කාර්යාලන්හිදි හමුවිය.

මෙම සුහද හමුවන්හිදි,දකුණු ආසියානු කලාපය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේහිලා ද්වීපාර්ශීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අවධානයක් යොමු කරමින් සාකච්ඡා පවත්වනු ලැබීය.

මෙම සුහද හමුවඅවසානයේ දී අග්‍රාමාත්‍යතුමා විසින් සංචාරක පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී වෙත සංකේතාත්මක සමරු තිලිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ පකිස්තානු මහා කොමසාරිස් ගරු ආචාර්ය ෂහිඩ් අහමඩ් හෂ්මඩ් (HEDr. Shahid Ahmad Hashmat), යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානානයක,පකිස්තානු යුද්ධ හමුදාධිපති පුද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ඉෆ්තිකාර් හසන් චොහාඩරි (Brigadier Iftikar Hassan Chauhadary) සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Colonel Sajjad Ali) ද එක්ව සිටියහ.

මීට අමතරව, සංචාරක පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ද හමු වූ අතර, එම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පකිස්තානු මහා කොමසාරිස් ගරු ආචාර්ය ෂහිඩ් අහමඩ් හෂ්මඩ්(HE Dr. Shahid Ahmad Hashmat), ආරක්ෂක අමාත්‍යංශ හමුදා සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරාල් ඩි.ඒ.ආර්. රණවක,පකිස්තානු යුද්ධ හමුදාධිපති පුද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ඉෆ්තිකාර් හසන් චොහාඩරි (Brigadier Iftikar Hassan Chauhadary) සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලී(Colonel Sajjad Ali) ද එක්ව සිටියහ.

best shoes | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet