Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2019 12:15:24 Hours

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජ්ජාඩ් අලි (Colonel Sajjad Ali) ඉකුත් බදාදා (11) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී කෙටි සාකච්ඡාවක නිරතවෙමින් එතුමන් යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීම වෙනුවෙන් ඔහුගේ සුබ පැතුම් එක් කළේය.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා සහ කර්නල් සජ්ජාඩ් අලි (Colonel Sajjad Ali) අතර පැවති සුහඳ සාකච්ඡාවේදී දෙරටේ හමුදා අතර වසර ගණනක් පුරා පවතින මිත්‍ර සම්බන්ධතාවයන් තවත් වැඩි දියුනු කර ගැනීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි නව ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කළේය.

කලාපයේ සැබෑ අසල්වැසියෙකු ලෙස 2009 මැයි මාසයට පෙර වන්නි මානුෂීය මෙහෙයුම්වල තීරණාත්මක අවධීන්හිදී පාකිස්තාන හමුදාව ලබා දුන් සහයෝගය ද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා එහිදි සිහිපත් කළේය. තවද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට සහ වෙනත් සැපයුම් අවශ්‍යතා සඳහා පුහුණු අවස්ථා රාශ්‍රියක් ලබා දීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් පාකිස්තාන හමුදාවට සිය ස්තූතිය පුද කළේය.

අනතුරුව කර්නල් සජ්ජාඩ් අලි (Colonel Sajjad Ali) නව යුද්ධ හමුදාධිපති තනතුරට පත්වීම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට පාකිස්තාන හමුදාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට එහිදි සහතික විය.

මෙම සුහද හමුව අවසානයේදී මිත්‍රත්වයේ සහ අවබෝධයේ සංකේතයක් වශයෙන් ඔවුන් දෙදෙනා අතර සමරුතිළිණ හුවමාරුවක් ද සිදුවිය. jordan Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger