Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ප්‍රථම වරට යුද්ධ හමුදා මුයි තායි ක්‍රීඩකයින් ජාතික ශුරතාවය දිනාගනියි

තායි බොක්සිං තරඟාවලියක් ලෙස ජනප්‍රිය මුයි තායි ජාතික ශුරතා තරඟාවලිය මැයි මස 26 සහ 27 යන දිනයන්හිදි නාවලපිටිය, ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවති අතර, එහිදි යුද්ධ හමුදා මුයි තායි කමිටුවේ සහ යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුවේ නව බලපොරොත්තු දල්වමින් යුද්ධ හමුදා කණ්ඩායම රන්පදක්කම් 6 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් හිමිකරගැනීමට සමත්විය.

2017 ජූනි 27 දින යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුවේ අනු කමිටුවක් ලෙස යුද්ධ හමුදා මුයි තායි කමිටුව පිහිටුවන ලද අතර, මාස 11 ක් තුලදී පාඨමාලා 4 ක් යටතේ යුද්ධ හමුදා ක්‍රීඩකයින් 80 ක් මෙමඟින් පුහුණුව ලබාඇත.

ශරීරයේ අස්ථි කොටස් 8 ක් යොදාගනිමින් විවිධාකාර ක්‍රම ශීල්ප ඔස්සේ සිදු කරනු ලබන මෙම ක්‍රීඩාවේ වටිනාකම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකල යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව මුයි තායි සඳහා ද කමිටුවක් පිහිටුවනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම, නාවික හමුදා කණ්ඩායම සහ සිවිල් ක්‍රීඩා සමාජ ගණනාවක් නාවලපිටියේ දී පැවති මෙම ජාතික තරඟාවලිය සඳහා සහභාගි වූහ. මෙහි අවසන් දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ තායිලන්ත තනාපතිතුමන් විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කරන ලදි.

මෙහිදි, යුද්ධ හමුදා කණ්ඩායම දිනාගත් රන් පදක්කම්, රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් වලට අමතරව පිරිමි හා කාන්තා අංශයන්හි හොඳම පරාජිතයා කුසලාන ද හිමිකරගනු ලැබීය. එවැනි වූ දස්කමක් දැක්වීම මුයි තායි මුෂ්ටි ප්‍රහාරක ක්ෂේත්‍රයේ විශේෂ අවස්ථාවක් ලෙස දැකිය හැක. යුද්ධ හමුදා මුයි තායි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ උපදෙස් මත මෙම ක්‍රීඩකයින් හට මනා පුහුණුවක් ලබාදෙයි.

යුද්ධ හමුදා ක්‍රීඩා දර්ශනයේ 53 වන ක්‍රීඩාව ලෙස ආරම්භ වූ මුයි තායි ක්‍රීඩාව, ක්‍රීඩකයන් අතර වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතී.

මෙම තරඟාවලිය නැරඹීම සඳහා නාවලපිටිය, ජයතිලක ක්‍රීඩාංගණයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

jordan release date | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys