21st December 2016 13:40:47 Hours
2016 අප්‍රේල් මස ආරම්භ වී වසරකට ආසන්න දීර්ඝ කාලයක් පැවති සැගවුණු වෙඩික්කරු පාඨමාලා අංක 18 හි පාඨමාලාලාභීන්ගේ විසිර යාමේ පෙළපාලිය අඟහරුවාදා (20) දින දියතලාව ක්ෂේත්‍ර වෙඩි පිටියේ දී පැවති පවත්වනු ලැබීය.
එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් ජී.ආර්.ඒ.ටී ඩයස් සහභාගි විය.
එහිදී ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගත් අතර, එම පුහුණු පාසල් පිවිසුම් දොරටුව අභියස දී කදවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.
සැගවුණු වෙඩික්කරු පාඨමාලා අංක 18 සඳහා යුද, නාවික, ගුවන්, විශේෂ කාර්ය බලකා සහ විදේශීය හමුදා සාමාජිකයින් 7 දෙනෙකු ඇතුලත් ශිෂ්‍යයින් 63 දෙනෙකු සහභාගි වූහ.
එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ආරාදිතයින් රැසක් සහභාගි වූහ.
පාඨමාලාවෙහි දක්ෂතම ශිෂ්‍යයින්ගේ විස්තර පහත දැක්වේ
දක්ෂතම ශිෂ්‍යයා ශාරීරික අභ්‍යාස
ලාන්ස් කෝප්රල් තාරක - ශ්‍රී ලංකා යුද හමුදා (ගැමුණු හේවා බලඇණිය)
දක්ෂතම ශිෂ්‍යයා ක්ෂේත්‍ර පුහුණු
සාමාන්‍ය නැවි ගීකියනගේ - ශ්‍රී ලංකා නාවික හමුදාව
දක්ෂතම වෙඩික්කරු
උප පොලිස් පරීක්ෂක විජේවර්ධන - විශේෂ කාර්ය බලකාය
දක්ෂතම සැගවුණු වෙඩික්කරු
උප පොලිස් පරීක්ෂක විජේවර්ධන - විශේෂ කාර්ය බලකාය
buy shoes | Nike