Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2018 12:43:46 Hours

පවතින අයහපත් කාලගුණයත් සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් තවදුරටත් සහන මෙහෙයුම්වල

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රිකයේ මාවතගම, කෝන්ගොඩ ප්‍රදේශයේ තිලකා මාවතේ පාලමක සුන්බුන් සීරවී කොස්කොටුව ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බව කුරුණෑගල ආපදා කළමණාකාරන මධ්‍යස්ථානය විසින් දැනුම්දීමෙන් අනතුරුව ඉරිදා (18) දින යුහුසුළුව ක්‍රියාත්මක වූ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇතිවූ ආපදා තත්ත්වය මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය.

1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ උපදෙස් මත නිලධාරීන් 2 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මක වී පාලමේ සීරවී තිබු ලී දඩු, කොළ රොඩු සහ කැලිකසල ඉවත් කරමින් ඇතිවූ හදිසි ආපදා තත්ත්වය යථාතත්ත්වයට පත් කරලීමට සමත්විය.Buy Kicks | NIKE