Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2018 13:24:09 Hours

පනාගොඩ ක්‍රීඩා ගම්මානයේ ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීගේ සමාලෝචනයට

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සමඟින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ක්‍රීඩා ගම්මානයේ ඉදිකරමින් පවතින නිල නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

සංචාරය අතරතුරදී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ඉදිකිරීම් කටයුතුවල නියලී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ සුහදව අදහස් හුවමාරුකරගත් අතර දැනට සිදු කරනු ලබන ව්‍යාපෘතින් පිළිබඳව ද විමසා සිටියහ.

මෙම සංචාරය සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ සහ ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රසන්න චන්ද්‍රසේකර ද එක්ව සිටියහ. latest Nike Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ