Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2019 20:34:32 Hours

පකිස්තානු යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවේ

සත්දින සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පකිස්තානු යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් නදීම් ඉක්බාල් චෞද්රි (Brigadier Nadeem Iqbal Chaudhry) සඳුදා (21) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් සහභාගිවූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ පැවති මෙම සුහද හමුවේදී සංචාරක පාකිස්ථාන සේනාවිධායකතුමන් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික මිත්‍ර සබඳතා හා ඵෙතිහාසික බැදීම් පිළිබඳව සිහිපත් කළහ. තවද ශ්‍රී ලංකාවේ පුහුණු වැඩසටහන් සඳහා පකිස්ථාන හමුදාව නිරන්තරයෙන් ලබාදෙන සහයෝගයන් පිළිබඳව ද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය කෘතඥතාවය පුද කල සිටියහ.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි, සංචාරක පකිස්තානු භඨකාර්ය සම්පාදන සේනාවිධායකතුමන්ගේ මාණ්ඩලික නිලධාරී මේජර් ෂාබාස් ජවීඩ් (Major Shahbaz Javeed) සහ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලි සහභාගි වූහ.

බ්‍රිගේඩියර් නදීම් ඉක්බාල් චෞද්රි (Brigadier Nadeem Iqbal Chaudhry) ශ්‍රී ලංකාව තුල සිදුකරන සංචාරය අතරතුර අඟහරුවාදා (22) දින උදෑසන ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සංචාරය කිරිමටද නියමිත අතර එහිදි සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් වන්නි ආරච්චි හමුවී පුහුණු වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීමට ද නියමිතය.

ඉන් අනතුරුව, සංචාරක පකිස්තානු යුද්ධ හමුදා ජ්‍යෙස්ඨ නිලධාරින් විසින් ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පාඨමාලා අංක 5 යටතේ පාඨමාලාව හදාරණ ශීෂ්‍ය නිලධාරීන් අමතමින් කෙටි දේශනයක් ද සිදු කිරීමට නියමිතය.

යුද්ධ හමුදාධිපති විසින් ආරම්භ කරන ලද ද්විපාර්ශීක යුද්ධ හමුදා සහයෝගීතා වැඩසටහනට සමගාමීව මෙම සංචාරය සිදුකෙරේ. Sports News | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD