Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2018 15:38:48 Hours

පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක

සංචාරක පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) අඟහරුවාදා (16) දින මධ්‍යාහනයේ දී සපුගස්කන්ද පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක නිරත විය.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය වෙත සපැමිණි පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) එම විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් සිදුකරන ලද කෙටි පිළිගැනීමේ දේශනය අවසානයේ දී පකිස්තානු සන්නද්ධ හමුදා නිලධාරින් වෙත මේ දක්වා කාලය තුල ලබාදී ඇති පුහුණුවීම් අවස්ථාවන් සබැඳිව සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කාර්යභාරයන් පිළිබඳවත් සංචාරක පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී දැනුවත් කළහ.

දෙරට අතර පවත්නා මිත්‍ර සබඳතාවයන් සහ පකිස්තානු හමුදා නිලධාරින් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අඛණ්ඩව පවත්වනු ලබන පුහුණු වැඩසටහන් පිළිබඳවත් මෙහිදි සිහිපත් කරන ලදි.

සංචාරක පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් නික්මයාමට ප්‍රථම ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණයක් ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.

සංචාරක පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි ද සමරු සටහනක් තැබීය.

Running sport media | Men Nike Footwear