Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2020 14:37:47 Hours

නොපෙනෙන කොවිඩ් සතුරා මැඩලීමට නායකත්වයදුන් යුද්ධ හමුදාධිපති පැසසේ

ජාතික උරුමයක් ලෙස සැලකෙන එලිසබත් යුගයේ මන්දිරයක් වු නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ කළමනාකාරීත්වය සහ කාර්යමණ්ඩලය, තරුණ සංගීතඥයින් සහ සිසුන් කණ්ඩායමක් සමඟ එක්ව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත උපහාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින සංවිධානය කළ අතර හෝටල් පරිශ්‍රයේදී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඡායාරූපයක් නිරාවරණය කරමින් කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් තුරන් කිරිම සඳහා කරන ලද කාර්යභාර්ය අගය කරමින් විශේෂ සමරු තිළිණයක් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කලෝය.

ග්‍රෑන්ඩ් හෝටලයේ නියෝජ්‍ය සභාපති ජෙරාඩ් ඔන්ඩච්චි මහතා (Mr Gerard Ondatchchi) සහ ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී ඇතුළු කාර්යමණ්ඩලය ප්‍රථමයෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට ගෞරව කරමින්, එම හෝටලයේ ‘ක්වීන්ස් කොරිඩෝවේ’ ('Queen's Corridor') ප්‍රදර්ශනය කර ඇති අභාවප්‍රාප්ත එලිසබත් රැජිනිය, අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, හිටපු ජනාධිපතිවරු, ආණ්ඩුකාරවරු, සම්භාවනිය අමුත්තන් ඇතුළු කීර්තිමත් පුද්ගලයින්ගේ ඡායාරූප එකතුවට උත්කර්ෂවත් බවක් සහ අමරණියත්වයක් එක් කරමින් ජාතියට මෙහෙවරක් සිදුකළ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඡායාරූපය එළිදැක්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරනු ලැබීනි.

ඉන් අනතුරුව, තරුණ සංගීතඥයින්, හෝටලයේ තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයින් සහ සිසුන් එක්ව මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට සුවීශේෂි පිළිගැනීමක් ලබාදෙමින් එතුමන්ගේ කැපවීම, ආදර්ශමත් නායකත්වය සහ දිවයින පූරා කොවිඩ්-19 වෛරසය පැතිරයාම වළක්වාගනිමින් ලබාගත් ජයග්‍රහණය අගය කළහ. සම්ප්‍රදායික බෙරවාදන මධ්‍යයේ, ජාතික ධජය ඔසවා ජාතිය වෙනුවෙන් මෙහෙවරක් සිදුකළ සමකාලීන යුගයේ විරෝදාර රණවිරුවාට උපහාර දැක්වීය. දවසේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාවට සංකේතාත්මක වැදගත්කමක් එක් කරමින් කේක් කැපීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් උපහාර උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් නුවරඑළිය ප්‍රදේශයේ සිදුකළ විධිමත් සංචාරය සංකේතවත් කරමින්, සියලුදෙනාගේ අත්පොළසන් හඬ මධ්‍යයේ හෝටලයේ කළමනාකාරිත්වය විසින් කීර්තිමත් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ජාතික කැපවීම අගය කරමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. Running Sneakers | Nike nike dunk high supreme polka dot background , Gov