Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2018 16:19:45 Hours

නේපාල යුද්ධ හමුදා ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) ඇතුළු හමුදා සහ සිවිල් නියෝජිතයින් දහදෙනෙකුගෙන් සමන්විත දුත පිරිස බ්‍රහස්පතින්දා (18) දින ශ්‍රී ලංකාවට පැමිණි අතර,කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඔවුන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී බදාදා (17) දින ශ්‍රී ලංකාවේ සිදුකල සිය සිව්දින සංචාරය නිමා කොට පිටත්වී සුළු මොහොතකින්, මෙසේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන්නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) සුහද ද්වීපාර්ශවීය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ.

දිවයිනට පැමිණි නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සංචාරක නේපාල යුද්ධ හමුදා ප්‍රධානී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික සහ ගුවන් හමුදාපතිවරුන් හමුවීමට නියමිත අතර,ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීම පිණිස යුද්ධ හමුදා ක්ෂේත්‍ර මූලස්ථානයේ ද සංචාරයක නිරතවීමට නියමිතව ඇත.

සංචාරක නේපාල දුත පිරිසට රිටා චෙත්‍රි මහත්මිය (Mrs Rita Chhetri), නේපාල යුද්ධ හමුදා මධ්‍ය නැගෙනහිර සේනාංකාධිපති (Mid Eastern Div Commander) මේජර් ජෙනරාල් ඉෂ්වර් හමාල් (Major General Ishwar Hamal), නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී නියෝජ්‍ය හමුදා සහායක කර්නල් අනුප් ජංග් තාපා (Colonel Anup Jung Thapa), මාණ්ඩලික නිලධාරි ලුතිනන් කර්නල් රාජරාම් බේද්නට් (Lieutenant Colonel Rajaram Badnet), හමුදාපති අධි සහායක ලුතිනන් ශ්‍රෙයා රායාමාජි (Lieutenant Sreya Rayamajhi), බළලත් නිලධාරි II බ්‍රින්දා තාපා (Brinda Thapa) ඇතුළු සිවිල් සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියහ.

නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නේපාල යුද්ධ හමුදා අණදෙන නිලධාරින්, ශ්‍රී ලංකාවේ නේපාල තානාපති, නේපාල හමුදා ආරක්ෂක උපදේශක ඇතුළු නේපාල යුද්ධ හමුදා නියෝජිත පිරිස බදාදා (17) දින තිබුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ශ්‍රී ලංකාව බලා පිටත් විය.

Authentic Sneakers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov