Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd February 2017 09:31:30 Hours

නෙළුවත්තුඩුව වැසියන් වෙත යුද හමුදාවෙන් නව පාලමක්

කළුඅග්ගල සහ ලබුගම ප්‍රදේශයන්හි දහස් ගණනක් වූ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ‘වක් ඔය’ හරහා අඩි 55 x 14 කින් යුත් ‘Compact 200’ නව පාලමක් දින 28 ක් තුල ඉදිකරදීමට ශ්‍රි ලංකා යුද 1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් සමත්විය.

සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.කේ. බණ්ඩාර මාපා මහතා විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය ආයතනයක් මඟින් ලබාදුන් මිලියනයක් පමණ අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් මෙම පාලම ඉදිකරනු ලැබීය.

ඒ අනුව මෙම අභීයෝගාත්මක කාර්ය බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් යථාර්තයක් බවට පත් කෙරිනි.

ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ.එම්.ඒ.ආර්. සෙනෙවිරත්නගේ අධික්ෂණය යටතේ 1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් පි.එම්. මුම්මුල්ලගේ ගේ මඟපෙන්විමෙන් මෙම ඉදිකිරිම් සඳහා එම රෙජිමේන්තුවේ නිලධාරීයෙක් සහ සෙසු නිලයින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් විශේෂඥ තාක්ෂණික සහාය ලබාදෙන ලදි.

මෙම ‘ඔය’ දෙපස වාසය කළ පාසල් ළමුන් ඇතුලු ප්‍රදේශවාසීන් හට වසර ගණනක් පැවති දුෂ්කරතාවයන් නිමා කරමින් පෙර පැවති අබලන් වූ දැවමය පලම වෙනුවට මෙම පාලම ඉදිකරදෙනු ලැබීය.

බදාදා (22) දින පැවති මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාවට යුද හමුදාපතිතුමා වෙනුවෙන් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි වූ අතර, සීතාවත ප්‍රාදේශීය ලේකම් ඇතුලු අමුත්තන් රැසක් ද මීට එක්ව සිටියහ.

සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඵලකය නිරාවරනය කරමින් පිත්තපටිය කපා සංකේතාත්මකව නව පාලම විවෘත කළ අතර, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ගම්වාසීන් ද මෙම අවස්ථා සඳහා සහභාගි වූහ.

latest Nike Sneakers | Nike for Men