Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2019 08:37:09 Hours

නෙදර්ලන්ත රාජධානියේ තානාපතිනිය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපතිනි ජොඈන් ඩෝර්න්වාර්ඩ් (H.E. Joanne Doornewaard) මහත්මිය, පසුගිය සිකුරාදා (08) දින යාපනය ආර්ධද්වීපයේ සිදුකල සංචාරයක් අතරතුර පලාලි පිහිටි යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

මෙම නිල හමුවේදී, අර්ධද්වීපයේ දැනට ක්‍රියාත්මක කරනු ලබන සිවිල් - හමුදා සම්බන්ධිකරණ කටයුතු, සංහිඳියා, ජනවාර්ගික සහජිවන සහ ආර්ථිකය නගාසිටුවීමේ ව්‍යාපෘතින් පිළිබඳ තානාපතිතුමිය සහ එම කාර්යමණ්ඩලය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමඟ සාකච්ඡා කල අතර ආඥාපතිතුමන් විසින් ආර්ධද්වීපයේ සිදුකරමින් පවතින නැවත පදිංචිකරවීම හා පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම පිළිබඳ නියෝජිත පිරිස දැනුවත් කළේය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පැවැති මෙම සුහද හමුව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.spy offers | Releases Nike Shoes