Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2018 14:10:42 Hours

නිල උසස්වීම් ලද යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායකතුමන් ඉතා උණුසුම් අයුරින් පිලිගනී

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකුලව හමුදා සම්මාන ආචාරය පිදීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (13) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නව මේජර් ජෙනරාල් තුමන්ට හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව පුහුණු පාසලේ අණදෙන නිලධාරිතුමන්, ප්‍රධාන උපදේශකතුමන් සහ සියලුම නිලයින්ගෙන් සැදුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන්ට හිමිවිය. අනතුරුව එතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර උත්සවය අවසානයේ පැවැති සියලුනිල තේ පැන් සංග්‍රහයට ද සහභාගි විය. Nike air jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ