Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2020 19:08:48 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 435 දෙනෙකු සිය නිවෙස් කරා පිටත් වෙති

මාලදිවයිනේ (Maldives) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පුද්ගලයින් 350 දෙනෙකු හෙට (14) දින දිවයිනට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියළුම පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බව ඉකුත් බදාදා (13) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි දැක්වේ.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 12ක්, පම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 129ක්, පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 127ක්, දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයෙන් 69ක් සහ බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 98ක් ආදී වශයෙන් පුද්ගලයින් 435 දෙනෙකු සම්බන්ධව සිදු කරන නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (13) දින ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යවන ලදී. ඒ අනුව, අද (13) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 8099 දෙනෙකුට අදාල නිරෝධායන ක්‍රියාවලින් අවසන් වී ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යැවීමට පියවර ගෙන තිබේ.

එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ පුද්ගලයින් 3444 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි. නාවික හමුදාව තුළ අද (13) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 439 ක් වන අතර ඉන් 61 දෙනෙකුට අදාළ PCR පරික්‍ෂණ සිදුකර පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර වී ඇත. එසේම, දැනට වීරෝධාර රණවිරුවන් 378 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. මාධ්‍ය නිවේදනය අවසන්.

සාරංශය:

මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 8099

තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 3444

ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 40 buy shoes | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5