Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 20:52:28 Hours

නිර්භීත නාවික හමුදා වීරෝධාර සෙබළුන් තම ජාතික යුතුකම මේ වනවිටත් මින් ඉදිරියටත් සිදු කරනු ලබන බව කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (11) දින පස්වරුවේ කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මා‍ධ්‍ය වෙත දැක් වූ අදහස් පහතින් දැක්වේ.

ඊයේ (10) දින අළුයම ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් (Melbourne) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පුද්ගලයින් 274 ක් සහ සන්ධ්‍යාවේ මැලේසියාවේ සිට පුද්ගලයින් 178 ක් වශයෙන් පුද්ගලයින් 452 දෙනෙකු දිවයිනට පැමිණෙන ලදී. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන ලදී. එසේම, හෙට (12) දිනයෙත් රජය විසින් ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මඟින් ඉන්දියාවේ චෙන්නායි (Chennai) සිට පුද්ගලයින් 479 කින් යුත් කණ්ඩායමක් පැමිණීමට නියමිතව ඇත.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි (94), ඉරනමඩු (175) හා නිපුන (10) යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 279 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (11) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී.

ඒ අනුව, අද (11) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 7391 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 3805 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

නාවික හමුදාව කොවිඩ් - 19 මර්ධනය කිරීමේ මෙහෙයුම් වලින් ඉවත් වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා කිහිපයක අසත්‍ය තොරතුරු සංසරණය වෙමින් පවතී. නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් යම් ප්‍රමාණයකට කොවිඩ් - 19 ආසාධනය වූ නමුත් අනෙකුත් සියළුම නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් කොවිඩ් - 19 මැඩලීමේ ජාතික යාන්ත්‍රණයට සක්‍රීයව දායකත්වයක් ලබාදෙමින් කටයුතු කරන බව දන්වා සිටිනු ලැබේ.

අද (11) දිනයේ සියළුම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හී රාජකාරි ආරම්භ කළ අතර විශේෂයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ගම්පහ, කොළඹ යන දිස්ත්‍රික්ක තුලද යම් සීමාවන්ට යටත්ව රාජකාරි ආරම්භ කරනු ලැබීය. එසේම, පසුගිය සති දෙක පුරාවටතම ආයතනයේ සේවක සංඛ්‍යාව, ආයතනය පවත්වන්නා වූ ක්‍රමවේදය හා සෞඛ්‍ය උපදෙස් යන කාරණා කෙරෙහිආයතන ප්‍රධානීන් වෙතඋපදෙස් ලබාදී ඇත. කරුණු එසේ හෙයින් ආයතන ප්‍රධානීන් එම උපදෙස් වලට අනුව ක්‍රියා කරනු ඇතැයි අප අපේක්‍ෂා කරනු ලබයි. රාජකාරින් සඳහා පැමිණෙන සියළුම අයවළුන් ශාරීරික දුරස්ථභාවය තබාගනිමින් සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කළයුතු අතර, ඔබ කොවිඩ් - 19 ආසාධිතයෙකු නොවන ආකාරයෙන් කටයුතු කිරීමයි බව පැවති මාධ්‍ය හමුවේදි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

සාරංශය:

මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 7391

තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 3805

ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 39 Running Sneakers Store | Nike Off-White