Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2018 19:48:08 Hours

නියගයෙන් පීඩා විදින පොතුවිල් ජනතාව වෙත 24 වන සේනාංක භට පිරිස් විසින් පානීය ජලය සපයයි

නියං සහිත කාලගුණික තත්වය හේතුවෙන් කෝමාරි, සෙල්වපුරම් සහ පොතුවිල් යන ප්‍රදේශයන් හී පීඩා විදින පවුල් 500 කට වැඩි පිරිසක් සඳහා පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් 2018 මැයි මාසයේ සිට නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ උපදෙස් පරිදි නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනාවේ භට පිරිස් විසින් ක්‍රියාත්මක කරයි.

මීට අමතරව, ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරින් සහ ප්‍රාදේශීය ලේකම් තුමන් විසින් අවධාරණය කරන ලද අවශ්‍යතාවයන් අනුව 24 ‌‌වන සේනාංකයේ ‌‌සේනාංකාධිපති, ‌මේජර් ‌ජෙනරාල් මහින්ද මුදලිගේ ‌ගේ මපෙන්වීම මත භට පිරිස් විසින් පීඩාවට පත් ප්‍රදේශයන්හි පානිය ජලය ගබඩා කර තැබීම සඳහා විවිධ ධාරිතාවයෙන් යුතු ජල ටැංකි ස්ථාන ගත කරන ලදී.

242 වන බලසේනාවේ බල සේනාධිපති කර්නල් උපුල් වීරකෝන් ගේ අධික්‍ෂණය යටතේ හමුදා භට පිරිස් විසින් නියගයෙන් පීඩාවට පත් ප්‍රදේශයන් වෙත යුද්ධ හමුදා ජල බවුසර් උපයෝගී කරගනිමින් පානීය ජලය සපයනු ලබන අතර මෙම සහන සේවා මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදුකරමින් පවති.

bridge media | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ