Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2018 22:55:11 Hours

නැගෙනහිර භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වු ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන මෙහෙයුම් වල

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් නිශාන්ත දහානායක ගේ අණදීම යටතේ එම ඒකකයේ භට පිරිස් පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන ධාරණීපාත වර්ෂාපතනය හේතුවෙන් කිරන්, පුලිපන්චිකාල් ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයට සහන සලසමින් සෙනසුරාදා (10) දින උදෑසන යුද්ධ හමුදා බෝට්ටු යොදාගනීමින් අවතැන්වූ ජනතාවට ගමනාගමන පහසුකම් සලසනු ලැබීය.

අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශයේ සිවිල් වැසියන් 1100 ක් පමණ අවතැන් වී ඇති අතර පුලිපන්චිකල් - කිරාන් මාර්ගයේ තවත් 800 ක් පමණ පිරිසකට ප්‍රවාහන පහසුකම් සපයනු ලැබීය. ජලය පිටාර ගැලීම හේතුවෙන් පෙරියවඩ්ඩුවාන් ප්‍රදේශයේ පාලමකට ද හානිවී ඇති හෙයින් ගමනාගමනයට ද බාධා එල්ලවී ඇත.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වම්මිවට්ටුවන්, තට්ටමනෙයි සහ කිරන් ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් අවතැන්වූ සිවිල් වැසියන්ට පිසු ආහාර සහ වෛද්‍ය පහසුකම් සපයනු ලැබීය. ඒ අනුව, විම්මිවට්ටුවන් ප්‍රදේශයේ වෛරස් උණට ගොදුරු වූ සිවිල් වැසියන් 30 දෙනෙකු වෙත 233 වන බලසේනාවේ පැවැති වෛද්‍ය සායනයකදී ප්‍රතිකාර කරනු ලැබීය.

මීට අමතරව, 233 වන බලසේනාවේ භට පිරිස් අවතැන්වූ ජනතාව වෙත මදුරු දැල්, ඇඳ ඇතිරිලි, නිදන මලු, පැදුරු සහ ආහාර පාර්සල් ආදීය බෙදාදෙමින් සහන සලසනු ලැබීය.Nike footwear | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival