Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නැගෙනහිර භට පිරිස් "ඩෙංගු" මදුරුවන්ට වැළක්විමේ අභියෝගය භාරගනි

සෞඛ්‍ය අමාත්‍යශය, ‘ඩෙංගු’ මර්ධන විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ දේශීය සෞඛ්‍ය බලධාරින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරය වශයෙන් නැගෙනහිර පළාතේ කින්නියා, ත්‍රිකුණාමලය සහ තවත් ස්ථාන කිහිපයක ඇතිවි තිබෙන ‘ඩෙංගු’ වසන්ගත තත්වය මර්ධනය කිරිම සඳහා යුද හමුදා සමාජාකයින් 200 කට වැඩි පිරිසක් යොදවන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඉරිදා (19) දින කින්නියාවේ පැවති හදිසි අමාත්‍යංශ රුස්විමට සහභාගි විමෙන් අනතුරුව, කඩිනමින් 22,23,24 සේනාංකයන් හී භටපිරිස් වලින් සමන්විත කණ්ඩායමක් මෙම ‘ඩෙංගු’ වසන්ගතය මර්ධනය කිරිමේ කටයුත්ත සඳහා යොදවන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් යුද හමුදා සමාජිකයින් වෙන්වෙන් කණ්ඩායම් වශයෙන් දරුණු ලෙස ‘ඩෙංගු’ රෝගය ව්‍යාප්ත වී ඇති කින්නියා, ත්‍රිකුණාමලය, උප්පුවෙලි, මඩකලපුව, කල්මුනේ සහ නගරබද ප්‍රදේශයන් පරික්ෂාවට ලක් කරමින් කාණු පද්ධති සහ පොදු ස්ථාන පිරිසිදු කිරිම සිදු කල අතර, අදාල ප්‍රදේශයන් හී සෑම නිවසක් වෙත ගොස් නිවැසියන් ද දැනුවත් කිරිමක් ද සිදු කලහ. මෙම අවස්ථාවේ දී භට පිරිස් විසින් පවතින අවදානම් තත්වය හදුනාගෙන ‘ඩෙංගු’ මර්ධනය සඳහා විශාල සහයෝගයක් ලබාදුන් බව ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අවධාරණය කලහ.

යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම යටතේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් අඟහරුවාදා (21) දින යුද හමුදා භට පිරිස් විසින් ‘ඩෙංගු’ මර්ධන වැඩසටහන් හී යෙදි සිටින ස්ථානයන් නිරික්ෂනය කරන ලදි. එමෙන්ම, මෙම ව්‍යපෘතියේ යෙදි සිටින භට පිරිස් සහ අනෙකුත් සමාජිකයින් හමුවු ආඥාපතිවරයා අනතුරුව, කින්නියා සහ ත්‍රිකුණාමලය රෝහල් වෙත ඇතුලත්ව සිටින ‘ඩෙංගු’ රෝගින්ගේ තත්වය පිළිබඳව විමසා සිටින ලදි.

යුද හමුදා භට පිරිස් සහ අනෙකුත් ආයතන සමාජිකයින් විසින් ගෙයින් ගෙට ගොස් මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කළ අතර, ඒ සඳහා මහජනතාවගේ දායකත්වය ද හිමි වු අතර රෝහල් ආරංචි මාර්ග වලට අනුව පසුගිය පැය 24 තුළ රෝගින්ගේ අඩුවක් පවතින බව සඳහන් වේ.

මේ සබැදි, තවත් රුස්විමක් සිකුරාදා (24) දින එරාවුර් ප්‍රදේශයේ දී සියලුම අදාල බළධාරින්ගේ සහාභගිත්වයෙන් පැවැත්විමට නියමිතය.

Nike Sneakers Store | Nike Dunk - Collection - Sb-roscoff