Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2018 21:30:17 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකාරි අරඹයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 17 වන ආඥාපතිතුමන් ලෙස මේජර් ජෙනරාල් කේ.පී. අරුණ ජයසේකර සෙනසුරාදා (24) දින වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදි රාජකාරි අරඹනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. අනතුරුව, නව ආඥාපතිතුමන්ව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරණ සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් මයිකල් වන්නිආරච්චි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර 4 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් ද නව ආඥාපතිතුමන් වෙත පිරිනමනු ලැබීය.

නව ආඥාපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් ද රෝපණය කරනු ලැබු අතර ඉන් අනතුරුව නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

එහිදි නව ආඥාපතිතුමන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයට අනුව ‘හැකියාව පදනම් කරගත් හමුදාවක්’ යන තේමාව ඔස්සේ අධිෂ්ඨානශීලිව සහ කැපවීමෙන් කටයුතු කරන ලෙසත් අඛණ්ඩ පුහුණුව තුලින් වෘත්තීයමයභාවය වැඩිදියුණු කරගත යුතු බවත් අවධාරණය කළහ. තවද, යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කරගැනීමට නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සියලුමදෙනාගේ විනය ඉහල මට්ටමක පවත්වා ගතයුතු බවද නව ආඥාපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

ඉන් අනතුරුව, නව ආඥාපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා සහභාගි වූ අතර එහිදි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් නව ආඥාපතිතුමන් වෙත සුභ පැතුම් පිරිනැමීය. අනතුරුව, නව ආඥාපතිතුමන් මෙම අවස්ථාවට සහභාගිවූ නිලධාරින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය. Nike sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News