Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන මිත්‍රත්ව ක්‍රිකට් තරඟාවලිය

තෝපුර් රෝයල් ෆයිටර්ස් (Royal Fighters Thoppur) කණ්ඩායම සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායම අතර මිත්‍රත්ව ක්‍රිකට් තරඟාවලියක් ඉරිදා (22) දින පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟපෙන්වීම මත සහ 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රසන්න එදිරිවීර ගේ අධීක්‍ෂණය යටතේ මෙම ක්‍රීකට් තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම පන්දුවාර 40 ක දී 8 දෙනෙකු දැවි ලකුණු 248 ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, තෝපුර් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ පන්දුවාර 30 ක දී සියලුදෙනා දැවී ලකුණු 122 ක් පමණි.

එමෙන්ම, මෙම තරඟාවලිය අතරතුර තෝපුර් ක්‍රිකට් කණ්ඩායම වෙත ශ්‍රී දළදා මාළිගාවේ සංචාරය කිරීමට ද අවස්ථාව උදාවිය.

මෙම තරඟාවලිය 24 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් සංවිධානය කරනු ලැබු අතර 111 බලසේනාව හා මහනුවර සිංහල ව්‍යාපාරික එකමුතුව එක්ව මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා සහයෝගය දක්වන ලදි. Running sneakers | adidas