Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2018 21:19:49 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය ධූරයෙන් නික්මයයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල 2018 නොවැම්බර් මස 24 වන දින වසර 36 කට නොඅඩු යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීමට නියමිත අතර හෙතෙම සඳුදා (19) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයෙන් නික්මයනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නික්මයන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

අනතුරුව, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි නික්මයන ආඥාපතිතුමන් වෙත 7 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් නික්මයන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී.

එමෙන්ම, නික්මයන ආඥාපතිතුමන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. තවද නික්ම යන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සියලුනිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වූ අතර එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් අමතමින් සිය ධූර කාලය තුල සියලුමදෙනා ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළහ.

මෙම අවස්ථාව සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කපිල උදළුපොළ, පූනානී ප්‍රදේශයේ ඉදිකරමින් පවතින යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් වසන්ත මාදොළ මෙන්ම නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

තවද එදින සන්ධ්‍යාවේ නිලධාරි නිවස්නයේ පැවති සමුගැනීමේ සාදය සඳහා සේනාංකාධිපතිවරුන්, නැගෙනිහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, සියලුම අණදෙන නිලධාරින්, නිලධාරින් සහ අනෙකුත් ආරාධිතයින් රැසක් සහභාගි වූහ.

එහිදි, නික්මයන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරණ සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් මිචෙල් වන්නිආරච්චි විසින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස සිදුකරනු ලැබු සේවය ඇගයුමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් පිරිනමනු ලැබීය.

මෙහිදි මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සමුගැනීමේ කථාව සිදු කරමින් සිය ධූරකාලය තුල නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමජිකයින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුද කළහ.

මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභපැතුම් මධ්‍යයේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයෙන් නිකම ගියහ. Asics footwear | Nike