Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th February 2018 23:41:30 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ යථාර්තය පදනම් කරගත් ආත්මාරක්ෂක සටන් කලා පාඨමාලා අංක 4 සාර්ථකව අවසන්

යථාර්තය පදනම් කරගත් ආත්මාරක්ෂක සටන් කලා පාඨමාලා අංක 4 සාර්ථකව අවසන් කරන ලද කාන්තා සෙබලියන් 17 දෙනෙකු ඇතුළු සෙබළුන් 64 ගෙන් සමන්විත කණ්ඩායමක් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී බ්‍රහස්පතින්දා (22) දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී විසිර ගියහ.

මෙම යථාර්තය පදනම් කරගත් ආත්මාරක්ෂක සටන් කලා (RBSD) පාඨමාලාව මගින් යුද්ධ හමුදා සාමාජික සාමාජිකාවන් වෙත ඉදිරි අනාගතයේදී මුහුණ පෑමට සිදුවිය හැකි අභියෝග වලට මුහුණ දීමට හැකිවන පරිදි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ විශේෂ අවධානය යටතේ යුද්ධ හමුදාධිපති තුමාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරන ලදි. පාඨමාලාවේදී සිසුන්ට දමිළ භාෂාව, බුද්ධි තොරතුරු රැස් කිරිම හා ආත්මාරක්ෂක සටන් කලාව යන ක්ෂේත්‍ර 03 යටතේ හැදෑරීමට අවස්ථාව ලැබිණි.

1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් කේ.වි.අයි.එල්. ජයවීර සහ එම රෙජිමේන්තු සෙබළුන්ගේ වෘත්තිමය විශේෂඥතාවයෙන් මෙහෙයවනු ලැබූ මෙම යථාර්තය පදනම් කරගත් ආත්මාරක්ෂක සටන් කලා පාඨමාලා අංක 4 සෙබල සෙබලියන් 64 දෙනෙකු (සෙබළුන් - 47 හා සෙබලියන් - 17) විසින් සාර්ථකව නිම කලහ.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ජේ. ජාගොඩආරච්චි, 23 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චුලා අබේනායක, පාබල පුහුණු පාසලෙහි නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් උදිත බණ්ඩාර, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල, 232 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොෂාන් ජයමාන්න, 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් සමරසිරි, 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් විපුල චන්ද්‍රසිරි, 242 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් උපුල් වීරකෝන්, ‘කාශ්‍යප’ නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරි කමාන්ඩර් උදය කුමාර, මඩකලපුව ගුවන් හමුදා කඳවුරෙහි පක්ෂාංග අණදෙන නිලධාරි විතානගේ, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

යථාර්තය පදනම් කරගත් ආත්මාරක්ෂක සටන් කලාව හෝ සත්‍ය රණකාමී සටන් ක්‍රම අනුසාරයෙන් ගොඩනැගුණු මෙම පුහුණු පාඨමාලාව විශේෂයෙන් ස්ව ආත්මාරක්ෂාව පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද්දකි.

මිශ්‍ර සටන් ශිල්ප සහ කරාතේ වැනි සාම්ප්‍රදායික සටන් කලාවන් මෙන් නොව, යථාර්තය පදනම් කරගත් ආත්මාරක්ෂාව යනු විනෝදාංශයක් හෝ ක්‍රිඩාවක් නොවේ. එය තරඟාවලි හෝ ක්‍රිඩා තරඟාවලි සඳහා සහභාගි වීමට නොව සැබෑ ජීවිතයේදී තර්ජිත තත්වයක් තුළ ආත්මාරක්ෂාව සඳහා සටන් කිරීමට ඉගෙන ගැනීමයි.

Sports brands | adidas Yeezy Boost 350