Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd November 2015 20:26:17 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සිය සංවත්සරය සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සිය 12 වන සංවත්සරය නිමිත්තෙන් ඔක්තෝබර් මස 26 දින සිට 31 දින දක්වා සෝමාවති රජමහා විහාරයේ ‘කප්රුක පූජා’ වැඩසටහනක් සහ මහසෙන් දේවාලයේ ආශිර්වාද පූජාවක් ආදී ආශිර්වාද ලබා ගැනීමේ විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම සංවත්සරයට සමගාමීව නැනෙහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ බ්‍රහස්පතින්දා (29) දින ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත් වූ අතර, ඒ සඳහා නිළධාරීන් සහ සෙසු නිළයින් 170 දෙනෙක් දායක වූහ. මේ අතරතුර, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ පුස්තකාලය එම මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම විසින් විවෘත කරනු ලැබූ අතර, එම අවස්ථාව සිහිගන්වමින් සෙනසුරාදා (31) දින පැළයක් ද රෝපණය කරනු ලැබීය. සියලු නිළයින්ගේ දිවා භෝජන සංග්‍රහයකින් පසු සංවත්සරයේ වැඩකටයුතු නිමා විය.affiliate tracking url | THE SNEAKER BULLETIN