Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සංවිධානය කල අන්තර් සේනාංක එල්ලේ සහ දැල්පන්දු තරඟාවලිය සාර්ථකව නිමවේ

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සංවිධානය කරනු ලැබු අන්තර් සේනාංක එල්ලේ තරඟාවලියේ ශුරතාවය 22 වන සේනාංකය විසින් හිමිකරගත් අතර, අන්තර් සේනාංක දැල් පන්දු තරඟාවලියේ ශුරතාවය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට හිමිවිය. තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය සිකුරාදා (16) දින වැලිකන්දේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි වූ අතර, එතුමන් අවසන් තරඟ සඳහා සහභාගි වූ කණ්ඩායම් සමඟ තරඟාවලිය පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

මෙවර තරඟාවලිය සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය, එම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංක සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් කණ්ඩායමක් ද ප්‍රතිමල්ලවයන් පිටු දැකීමේ ක්‍රමයට තරඟ වැදුණි.

එල්ලේ තරඟාවලියේ දී 23 වන සේනාංකය පරාජයට පත් කරමින් 22 වන සේනාංකය විසින් ශුරතාවය හිමිකරගත්හ. එමෙන්ම, දැල්පන්දු තරඟාවලියේ ශුරතාවය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් හිමිකරගත් අතර, එහි අනුශූරතාවය 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට හිමිවිය. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් අතින් තරඟාවලියේ ශුරතා කුසලාන සහ තරඟාවලියේ දක්ෂතා දැක්වූවන් වෙනුවෙන් සහතිකපත් ද පිරිනමනු ලැබීය.

එල්ලේ තරඟාවලියේ හොඳම ප්‍රහාරකයාට හිමි කුසලානය 23 වන සේනාංකයේ ලාන්ස් බෝම්බඩි ඩබ්ලිව්.එම්.ඒ. සමන් කුමාර විසින් හිමිකරගත් අතර, හොඳම පන්දු රකින්නා සහ වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා ලෙස 22 සේනාකයේ සාමාන්‍ය සෙබළ ඒ.ඩබ්ලිව් ධනංජය තේරිපත් විය.

3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්. එරංදි විසින් දැල්පන්දු තරඟාවලියේ රැජින ලෙස තේරිපත් වූ අතර, 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් ආර්. ප්‍රියානි දක්ෂතම පිටියේ මැද ක්‍රිඩියකාව ලෙස ද 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් ටී.ඒ. නෙළුම්දේවි හොඳම ආරක්ෂකයා ලෙස ද සම්මාන ලැබීය.

මෙම අවස්ථාව සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වුහ.

Nike Sneakers | Air Jordan Release Dates 2021 Updated , Gov