Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2016 16:27:06 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන සිව්වන පරිගණක පාඨමාලාලාභීන් හට සහතික පත්‍ර

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි භට පිරිස් හි තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් සංවිධානය කරනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් සැප්තැම්බර් මස 27 වන දින නිමා විය.

යුද හමුදා මූලස්ථානයේ මඟපෙන්වීම යටතේ දින 15 ක් පුරා පවත්වනු ලැබූ එම පරිගණක පාඨමාලාව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින් 40 දෙනෙකු සහභාගි වූ අතර, නුගේගොඩ ඔරියන්ට් ඇකඩමි ආයතනයේ අනුග්‍රහයෙන් සැප්තැම්බර් මස 2 වන දින එම පාඨමාලාව ආරම්භ කරනු ලැබීය.

එම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් යූ.ටී.ඒ හැන්නදිගේ සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

එහිදී බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් යූ.ටී.ඒ හැන්නදිගේ විසින් පාඨමාලාව සම්පූර්ණයෙන්ම නිම කරනු ලැබූ පාඨමාලාලාභීන් හට සහතික පත් ප්‍රදානය කරනු ලැබීය.

buy shoes | adidas Yeezy Boost 350