Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2017 06:52:28 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් ජන ක්‍රීඩා සමඟින් නව අවුරුදු උත්සවය සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් සිකුරාදා (14) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී නව අවුරුදු උත්සවය සැමරු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර සහභාගි වන ලදි.

ගැමි ගෙදරක අසිරිය විදහාපාමින් පැවති එම අවුරුදු උත්සවයේ වැඩකටයුතු සම්ප්‍රදායිකව පොල්තෙල් පහන දල්වා ආරම්භ කළ අතර ජන ක්‍රිඩා රැසක් ද එහිදි පැවැත්විය.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සමඟින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

bridgemedia | adidas Yeezy Boost 700 , Ietp