Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2017 15:54:44 Hours

නායකත්වය, ධණාත්මක චින්තනය සහ ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව නව සමෘද්ධි නිලධාරීන්ට වැඩමුළුවක්

නායකත්වය, ධණාත්මක චින්තනය සහ ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව දින 19 ක වැඩමුළුවක් කළාඔය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදී නිළධාරිනියන් 95 දෙනෙකු ඇතුළු නව සමෘද්ධි නිලධාරීන් 116 දෙනෙකු වෙනුවෙන් අඟහරුවාදා (21) දින ආරම්භ කරන ලදි.

සමාජ සවිබල ගැන්වීම් සුභසාධනය හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය වෙත අදාල වැඩමුළුව පැවැත්වීමට පහසුකම් සපයන ලෙස උපදෙස් ලබාදී තිබු අතර ඒ අනුව යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධීක්ෂණයෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබේ.

යුද්ධ හමුදාවෙන් 1/3 ක පිරිසක් ජාතිය ගොඩනැඟිමේ මෙහෙවරෙහි නිරතව හැකි උපරිම අයුරින් සිවිල් පරිපාලනයට සහයෝගය ලබාදිය යුතු බවට වූ යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයට සමගාමිව මෙම පුහුණු වැඩමුළුව ක්‍රියාත්මක කෙරේ.

රටේ බහුවාර්ගික විවිධ ප්‍රදේශයන්හි මෙම නව සමෘද්ධි නිලධාරීන් රාජකාරින් ඉටු කිරීමට නියමිත බැවින් යුද්ධ හමුදා වෘත්තිකයන්ගේ ආධාරයෙන් ඔවුන් සඳහා පුද්ගල සංවර්ධනය, නායකත්වය සහ යහපැවැත්ම පිළිබඳව දැනුම, ආකල්ප වර්ධනය කිරීම පිණිස වූ සමාජ සවිබල ගැන්විමේ අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට අනුව මෙම වැඩමුළුව යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද අතර, යුද්ධ හමුදා උපදේශකයින් පිරිසක් ඒ අනුව වැඩමුළුව අවසන් වීමට නියමිත 2017 දෙසැම්බර් මස 07 දක්වා දේශන සහ පුහුණු කටයුතු සිදුකරනු ඇත.

බ්‍රිගේඩියර් බන්දුල හත්නාගොඩ වැඩමුළුවේ ආරම්භක දින දේශණයේදි, මෙවැනි වැඩසටහනක වටිනාකම සහ කාලීන අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කරන ලද අතර සාමාරම්භක උත්සවයට අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක අනුරාධ දිසානායක මහතා, යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ශෂික පෙරේරා, ජ්‍යෙෂ්ඨ හමුදා සහ සමෘද්ධි නිලධාරින් පිරිසක් සහභාගි විය.

Sportswear Design | Releases Nike Shoes