Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd February 2018 23:01:00 Hours

නව වාර්තා සමගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මළල ක්‍රීඩා උළෙල නිමාවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ‘අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය -2018’ නව තරඟ වාර්තා පිහිටුවමින් අභිමානවත් අයුරින් නව බලාපොරොත්තු දල්වමින් අද (22) සන්ධ්‍යාවේ දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවිය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවිධානය කල මෙම වර්ණවත් ක්‍රීඩා උළලේ, සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ගෞරවයෙන් යුතුව පිළිගත් අතර, එතුමාට තරඟාවලියේ අවසන් තරඟ කිහිපයක් නැරඹීම සඳහා ද අවස්ථාව හිමිවිය.

මෙහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න විසින් යුද්ධ හමුදාධිපතිතුමා ඇතුළු අනෙකුත් ආරාධිතයින් ගෞරවයෙන් යුතුව පිළිගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ක්‍රීඩා ඉතිහාසය සහ ලබාගත් ජයග්‍රහණ පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සිදු කළහ. එමෙන්ම මෙම තෙදින ක්‍රීඩා උත්සවය සංවිධානය කිරීමට සහයෝගය ලබාදුන් සියලුදෙනාට සහ තරඟ සඳහා සහභාගි වූ සියලුදෙනා හට සිය ස්තුතිය පුද කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් සියලුම බලඇණි නියෝජනය කරමින් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750 කට වැඩි ප්‍ර‍මාණයක් මේ සඳහා සහභාගි වූ අතර, එහිදි ඔවුන් එකිනෙකා අභිබවමින් දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වශයෙන් අභීෂේක ලැබීමට වෘත්තීය මට්ටමේ කුසලතාවයන් පෙන්නුම් කරනු ලැබීය.

මෙහිදී ජවන සහ පිටිය ක්‍රීඩා ඉසව් 48 ක් පැවැත් වූ අතර, මාර්ග ධාවන තරඟ, සහාය දිවීමේ තරඟ, දිගු දුර ධාවන තරඟ, උස සහ දුර පැනීම, යගුලිය විසිකිරීම, හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසිකිරීම වැනි විවිධ ක්‍රීඩා ඉසව් හි දී යුද්ධ හමුදා ක්‍රීඩකයින් තුල ඇති අන්නෝන්‍ය සබඳතාවය මනාව පිළිබිඹු කළහ.

මෙම තරඟාවලියේ අවසන් තරඟ ඉසව් වශයෙන් කාන්තා මීටර් 400 දිවීමේ අවසන් තරඟය, පිරිමි මීටර් 1500 දිවීමේ අවසන් තරඟය, කාන්තා මීටර් 100 දිවීමේ අවසන් තරඟය, පිරිමි මීටර් 100 දිවීමේ අවසන් තරඟය, ශාරිරීක පුහුණු සංදර්ශනයක්, කාන්තා කඹ ඇඳීම අවසන් තරඟය, පිරිමි කඹ ඇඳීම අවසන් තරඟය, කාන්තා මීටර් 4×100 අවසන් තරඟය සහ පිරිමි මීටර් 4×400 අවසන් තරඟය පැවැත් වූ අතර, එහි පැවති සංස්කෘතික සංදර්ශනයෙන් සහ ආචාර පෙළපාලියෙන් ක්‍රීඩා උත්සවය වර්ණවත් විය.

මේ අතර, පනාගොඩ යුද්ධ හමුදා ශාරිරීක අභ්‍යාස පුහුණු පාසලේ උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති ශාරිරීක අභ්‍යාස සංදර්ශනයකින් සමාප්ති උත්සවය තවත් වර්ණවත් විය.

තුර්යවාදක සංදර්ශනයකින් සහ ආචාර පෙළපාලියෙන් අනතුරුව දේශ අභිමානි ගීතයන්ගෙන් උත්සවය සඳහා සහභාගීවුවන් ප්‍රබෝධමත්විය.

මළල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි අංශයේ ලකුණු 284 ක් ලබාගනීමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව ශුරතාවය හිමි කරගත් අතර, ලකුණු 211 ක් ලබාගනීමින් ශ්‍රී ලංකා පාබල හමුදාව තරඟාවලියේ අනුශූරතාවය ලබාගැනීමට සමත්විය.

2018 - මළල ක්‍රීඩා තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා සහ ක්‍රීඩාකාව ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අධුණික සෙබළ එල්.ජි ධනංජය සහ 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඊ.එම්.එම්. රත්නකුමාරි සම්මාන ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක තරඟාවලියේ ජයග්‍රහකයින් හට කුසලාන සහ සහතිකපත් පිරිනැමීය. අනතුරුව එතුමන් තරඟාවලියේ ජයග්‍රහකයින් හට සුභ පතමින් සමුහිකත්වය සහ ක්‍රීඩාවෙහි වැදගත්කම ද අවධාරණය කළහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව උත්සවයේ නිමාව ප්‍රකාශයට පත් කළහ.

Sports Shoes | UK Trainer News & Releases