Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2017 19:45:11 Hours

නව යුද්ධ හමුදාධිපති වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ආචාරය

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් විසින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත බ්‍රහස්පතින්දා (13) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් විසිරයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව වෙත අනුයුක්ත වී අන්තර් රෙජිමේන්තු මාරුවිම් යටතේ 1989 වර්ෂයේ දී විශේෂ බලකාය වෙත ඇතුලත් වනතුරු එහි රාජකාරියෙහි නිරතව සිටින ලදි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් පිළිගත් අතර, අනතුරුව භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.

සම්මාන මුරයෙන් පසුව යුද්ධයෙන් මියගිය ඉංජිනේරු බලකා විරුවන් සිහිකරනු වස් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ඉංජිනේරු බලකා රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තැන්පත් කරන ලදි.

ඉන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා, ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක සමඟින් සම්මාන පෙළපාලිය පරික්ෂා කිරිමෙන් පසු සම්ප්‍රදායානුකූලව භට පිරිස් අමතන ලදි.

ඉන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමා සියලු නිලයන් සමඟ ඡායාරූපයකට ද පෙනිසිටියහ.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමා නවතමයෙන් ඉදිවන ශ්‍රවණාගාරයේ වැඩකටයුතු පිළිබඳව නිරික්ෂණය කළ අතර, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක, මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මීට එක්ව සිටියහ.

මෙම සංචාරය සිහිවනු වස් නව යුද්ධ හමුදාධිපතිතුමා විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළේය.

Adidas shoes | Jordan Ανδρικά • Summer SALE έως -50%