Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2017 20:18:14 Hours

නව යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථා‍නයේ නව පිරිස් පාලන අධ්‍යක්ෂවරයා ලෙස බ්‍රිගේඩියර් දේවින්ද පෙරේරා සිකුරාදා (15) දින උදෑසන පැවති ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නිල ලියවිල්ලකට අත්සන් තබමින් නව පිරිස් පාලන අධ්‍යක්ෂවරයා තම රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලද අතර යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද මේ අවස්ථාව සඳහා සහභාගි විය.

ඉන් අනතුරුව නව පිරිස් පාලන අධ්‍යක්ෂක සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් පිරිස් පාලන ඇතුළු පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවයේ නියුතු අනෙකුත් නිලධාරින් සමුහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.

බ්‍රිගේඩියර් දේවින්ද පෙරේරා විසින් 58 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පත්විමට නියමිත මේජර් ජෙනරාල් සුදත් පෙරේරා වෙත මෙම අවස්ථාවේ සිය සුභ පැතුම් එක් කරන ලදී.

latest Running Sneakers | シューズ