Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2016 20:00:20 Hours

නව පුහුණු අධ්‍යක්ෂක සිය ධූරයෙහි රාජකාරී අරඹයි

යුද හමුදා නව පුහුණු අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ජී විජිත රවිප්‍රිය සඳුදා (12) දින පැවති චාම් උත්සවයකින් නව ධූරයෙහි රාජකාරී අරඹනු ලැබූ අතර, මීට ප්‍රථම මේජර් ජෙනරාල් අරුණ ජයසේකර එම ධූරය හොඹවනු ලැබීය. බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාද මධ්‍යයේ බ්‍රිගේඩියර් රවිප්‍රිය නව ධූරයෙහි රාජකාරී භාර ගැනීම් සිදු කරනු ලැබීය. එහිදී සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පුහුණු අධ්‍යක්ෂක නව ධූරය භාර ගැනීමේ ලිපි ලේඛනවලට අත්සන් කරනු ලැබීය. පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගි විය.Sports Shoes | NIKE RUNNING SALE