Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2018 18:43:34 Hours

නව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු සිය ධුරයේ රාජකාරි අරඹයි

නව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු වශයෙන් මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී පීරිස් සෙනසුරාදා (15) දින මත්තේගොඩ, ක්‍ෂේත්‍ර ඉංජිනේරු මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරි අරඹන ලදී.

ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු වශයෙන් අමිල මෙහෙවරක් ඉටුකල මේජර් ජෙනරාල් ඩඩ්ලි වීරමන් සිය ධුරයෙන් නික්ම යාමෙන් අනතුරුව නව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු වශයෙන් පත් වු මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී පීරිස් වෙත හමුදා සම්ප්‍රදායානුකුලව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මුලස්ථානයේ දොරටුව අභියසදී කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී පීරිස් විසින් සංකේතාත්මකව නිල ලේඛණයට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි අරඹන ලද අතර මේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටියහ.

ඉතාමත් චාම් ලෙස පැවති උත්සවයෙන් අනතුරුව නව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුවරයා සියළු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගි වු අතර එහිදී පැමිණි සිටින්නන් සමගින් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී. Best Sneakers | Sneaker & Lifestyle News