Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2017 08:09:54 Hours

නව පකිස්තානු මහ කොමසාරිස්වරයා යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසා‍රිස් කාර්යාලයේ නව මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත් මහතා අද (29) දින සන්ධ්‍යාවේදි යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම හමුවිමේදි පකිස්තාන නව මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත් මහතා හට සිය සුභ පැතුම් එක් කල යුද්ධ හමුදාධිපතිවරයා දෙරට අතර හමුදාමය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කීරීම සම්බන්ධව සාකච්ඡා කරන ලදී.

අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න විසින් මහ කොමසාරිස්වරයා හමුදාධිපති කාර්යාල දොරටුව අසල දී පිලිගෙන හමුදාධිපති හමුවීම සඳහා කැටුව යන ලදි.

මෙම හමුව සිහිපත්විම සඳහා පකිස්තාන මහ කොමසාරිස්වරයා විසින් අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් තබන ලද අතර මහ කොමසාරිස්වරයා හා යුද්ධ හමුදාධිපතිතුමන් අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

පකිස්තානයේ දේශය වෙනුවෙන් කිර්තීමත් මෙහෙවරක් ඉටු කරනු ලැබූ අයවලුන්ට පිරිනැමෙන හිලාල් - අයි - ඉම්තියාස් සම්මානයෙන් ද පිදුම් ලබා ඇති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත්, වර්ෂ 1979 මාර්තු මස දී පකිස්තාන යුද්ධ හමුදා අධිකාරි ලත් නිලධාරියෙකු වශයෙන් පත්විම් ලැබූ අතර, ඔහු අණ, මාණ්ඩලික සහ උපදේශක ක්ෂේත්‍රයන්හි අත්දැකිම් බහුල නිලධාරියෙකු ද වේ.

ඔහු 1997 - 1998 වසර වලදී හයිටි දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරි වශයෙන්ද, 1999 - 2001 කාලයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතින්ගේ මහ ලේකම් කාර්යාලයේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සැලසුම් ඒකකයේ සැලසුම් නිලධාරි සහ අංශ භාර නිලධාරි ලෙසත් සේවය කර ඇති අතර, වර්ෂ 2001 දී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දර්ශනපති උපාධි‍ය ද, වර්ෂ 2014 දී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධිය ද හිමි කරගෙන ඇත.

Sportswear free shipping | NIKE