Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2018 14:49:37 Hours

නව ජල පිරිපහදු ඒකක 19 ක් මගින් යාපනයේ සිවිල් වැසියන් සහ භට පිරිස් සඳහා පානීය ජලය

යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් හා සිවිල් වැසියන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය යාපනය අර්ධද්වීපයේ පිහිටා ඇති 51 වන සේනාංක මුලස්ථානය, 551 සහ 521 වන බලසේනා මුලස්ථාන, 4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා පුහුණු පාසල, 4 වන සහ 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයන්, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව, 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 12 වන ගැමුණු හේවා බලඇණිය, 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව යන ඒකකයන් සහ යුද්ධ හමුදා ගොවිපලහි ප්‍රති ආශ්‍රැතිකරණ (Reverse Osmosis) ජල පිරිපහදු පද්ධති 12 ක් ස්ථාපනය කර ඇත.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, 551 සහ 521වන බලසේනාධිපතිවරුන්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා පුහුණු පාසලේ සේනාවිධායක, සහ එකකයන් හි අණදෙන නිලධාරින් ගේ ආරාධනාවකට අනුව මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි විසින් සැප්තැම්බර් මස 10 වන දින සහ 11 වන දින යාපනය ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති ප්‍රති ආශ්‍රැතිකරණ (Reverse Osmosis) ජල පිරිපහදු පද්ධති 12 විවෘත කරන ලද අතර මෙහිදී මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැක්වු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි හට සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.

මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ යෝජනාවකට අනුව මෙම පහසුකම් වැඩිදියුණු කිරිම සඳහා හමුදා - සිවිල් සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ උතුරු සහ නැගෙනහිර පළාත් හි වෙසෙන සිවිල් වැසියන්ගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා ප්‍රති ආශ්‍රැතිකරණ (Reverse Osmosis) ජල පිරිපහදු පද්ධති ස්ථාපනය කිරිමටත්, මෙම වසරේ සැප්තැම්බර් මස මැද භාගය වන විට, යාපනය අර්ධද්වීපයේ සියළුම හමුදා කඳවුරු තුල මෙවැනි ප්‍රති ආශ්‍රැතිකරණ (Reverse Osmosis) ජල පිරිපහදු පද්ධති 19 ක් ස්ථාපනය කිරිමටත්, එමගින් හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් සඳහා නොමිලේ පානීය ජලය ලබාදීමටත් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය අපේක්‍ෂා කරයි. url clone | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth