Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd May 2018 20:11:55 Hours

නව චීන තානාපතිතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ පළමු නිල සංචාරය

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කරන ලද මහජන චීන සමුහාණ්ඩුවේ නව තානාපති ලෙස රාජකාරි භාරගත් අතිගරු චැන්ග් සූයුහාන් මහතා (Mr Cheng Xueyuan) බ්‍රහස්පතින්දා (03) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ සිදු කල පළමු නිල සංචාරයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම චීන තානාපතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලද ජයග්‍රහණයන් හා මව්බීම වෙනුවෙන් කල උදාර මෙහෙවර පැසසුමට ලක් කල අතර ‘එකම තීරයක් - එක් මාර්ගයක්’ ('One Belt - One Road') යන කලාපීය අන්තර් සම්බන්ධතාවයන් සහ දීප්තිමත් අනාගතයක් උදාකරගැනිමට ඔවුන්ගේ රජය විසින් ලබාගත් ශක්තිමත් ආරම්භය පිළිබඳව පැහැදිලිව විස්තර කළහ.

තවදුරටත් එතුමන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාව ඈත ඉතිහාසයේ සමුද්‍රීය සේද මාවතේ විශේෂ සන්ධස්ථානයක් ලෙස හඳුනාගත් අතර ‘එකම තීරයක් - එක් මාර්ගයක්’ ('One Belt - One Road') යන කලාපීය අන්තර් සම්බන්ධතාවයන තුලින් දේශීය ආර්ථිකය ඉහළ නැංවීමට අවස්ථාව හිමිවන බවද ප්‍රකාශ කළහ.

මෙම සුහද හමුවේ දී යුද්ධ හමුදාධිපතිතුමන් හා චීන තානාපතිතුමන් ද්වීපාර්ශවික හමුදා සම්බන්ධතාවයන් සහ අන්නෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කරගනිමින් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳ සාකච්ඡා

කළහ.

අනාගත ජාතික ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීමට චීන හමුදාව සතුව ඇති වෘත්තිමය හැකියාවන් සහ තාක්‍ෂණික ඥාණය පිළිබඳ චීන තානාපතිතුමන් සිදු කල විග්‍රහයට ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සාවධානව සවන්දෙනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ හොඳහිත සහ අන්නෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Buy Sneakers | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ