Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2017 21:20:15 Hours

නව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති සිය ධුරයේ රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන 10 වන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ලෙස සදුඳා (16) දින එම මුලස්ථානයේ පැවති උත්සවයෙදී වැඩ භාරගනු ලැබීය.

නව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරයා පිළිගැනිමේන් අනතුරුව හමුදා සම්ප්‍රදානුකුලව වැඩසටහන් මලාවක් එම මුලස්ථානයේ පවත්වනු ලැබු අතර නව ආඥාපතිවරයා වෙත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසීන් කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙල පාලියක් පිරිනමන ලදි.

ඉන් අනතුරුව මහාසංඝයා වහන්සේලාගේ ආශිර්වාද හා පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිය කාර්යාලයේදී රාජකාරි භාරගනු ලැබීය.

නව ආඥාපතිවරයා තම රාජකාරීන් භාර ගැනීම සනිටුවන් කරමීන් ‘අඹ’ පැලයක් රෝපණය කල අතර අනතුරුව භට පිරිස් ඇමතිම ද සිදු කළහ.

ඉන් අනතුරුව මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සුභ මොහොතීන් නිළ ලියවිලි වලට අත්සන් තබමින් සංකේතාත්මකව රාජකාරි භාරගනු ලැබූ අතර ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, සියලුම සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටීයහ.

trace affiliate link | adidas Campus 80s South Park Towelie - GZ9177