Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st April 2018 12:17:41 Hours

නව අවුරුදු උදාව සංකේතවත් කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ දී සම්ප්‍ර‍දායික තේ පැන් සංග්‍ර‍හයක්

සිංහල සහ දමිළ අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයක් සහ සුහඳ හමුවක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (20) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදි.

එහි සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, විධායක ජෙනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සම්ප්‍ර‍දායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව කිරිබත්, කැවුම්, කොකිස්, අතිරස, වන්ඩු, මුං කැවුම් වැනි අලුත් අවුරුදු රසකැවිලි සහ කිරිබත් වලින් සමන්විත තේ පැන් සංග්‍රහය භුක්ති විඳින ලදී.

තේ පැන් සංග්‍රහය භුක්ති විඳින අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මෙම අවස්ථාවට සහභාගි වූ සියලු නිලයින් අතරට ගොස් පැයකට ආසන්න කාලයක් සුහඳ පිළිසඳරක නිරතවෙමින් පුහුණුව, සුභසාධනය සහ වෘත්තීයමය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ විමසූහ.

buy footwear | Nike