Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2017 16:44:54 Hours

නව අධ්‍යක්ෂ ජනමාධ්‍ය මෙන්ම හමුදා මාධ්‍ය ප්‍රකාශක රාජකාරි අරඹයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනමාධ්‍ය සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කොළඹ 04 පිහිටි යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල කාර්යාලයේ දී රාජකාරීන් භාරගනු ලැබීය.

වර්ෂ 1986 මාර්තු මස 17 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට බැඳී වසර 32 ක යුද්ධ හමුදා සේවා කාලයකට හිමිකම් කියන බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ තනතුරු ද ඇතුලු යුද්ධ හමුදාවේ අණ සහ මාණ්ඩලික තනතුරු රැසක රාජකාරි කටයුතු ඉටු කර ඇත.

බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මීට ඉහත දී ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී II තනතුර ද, එවකට මේජර්වරයෙකු වශයෙන් හොබවා ඇති අතර, ඒ අනුව යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව එහි රාජකාරි කටයුතු ඉටු කළ හමුදා නිලධාරියෙකු පසුකාලීනව ජනමාධ්‍ය අධ්‍යක්ෂක සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

1987 දෙසැම්බර් මස 12 වන දින යුද්ධ හමුදා අධිකාරියට පත් බ්‍රිගේඩියර් අතපත්තු, අධ්‍යක්ෂ ජනමාධ්‍ය ලෙස පත්වීමට ප්‍රථම ගාල්ල, බුස්ස ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරන ලදි. එසේම, ඔහු යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බලසේනාවේ බලසේනාධිපති ලෙසත්, මින්නේරිය පිහිටි පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙසත් කටයුතු කර ඇත.

අධ්‍යක්ෂ ජෙනරාල් ජනමාධ්‍ය සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රෝෂාන් සෙනෙවිරත්න, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත්කිරීම හේතුවෙන් එම තනතුර සඳහා බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පත් කරනු ලැබීය.

‍ෆෙඩ්රිකා අතපත්තු මහත්මිය සමඟ විවහා වී සිටින බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු දරුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකු වේ.

latest Nike Sneakers | Nike