Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2018 23:44:53 Hours

නව 51 වන සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව යාපනය, 51 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න බදාදා (03) දින උදෑසන නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.

සේනාංක මුලස්ථාන දොරටුව අභියසදි සම්ප්‍රදායනුකුල කඳවුරු සම්මාන මුරයකින් ආචාර සම්මාන ලැබු නව සේනාංකාධිපතිවරයා අනතුරුව සරඹ පිටියේ දී පැවැති යුද්ධ හමුදා ආචාර සම්මාන පෙළපාලිය පිලිගන්නා ලදී.

මහා සංඝයා වහන්සේලාගේ ආගමික වතාවත් සහ ආශිර්වාදයන් මධ්‍යයේ නව ධුරයේ රාජකාරි භාරගත් නව සේනාංකාධිපතිවරයා අනතුරුව, රාජකාරි ලිපි ලේඛණ කිහිපයකට අත්සන් තබමින් නිල වශයෙන් රාජකාරි කටයුතු ඇරඹීය. සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ අඹ පැලයක් ද රෝපණය කරමින් නව සේනාංකාධිපති රාජකාරි ආරම්භ කිරීම සංකේතාත්මකව සනිටුහන් කළහ.

ඉන් අනතුරුව, 51 සේනාංකයේ නිළධාරින් ඇමතූ නව සේනාංකාධිපතිවරයා ඔවුන්ට පැවරෙන වගකීම් හා රාජකාරීන් තිරසාර සාමය සහ සංහිඳියාව අරමුණු කරගනිමින් හැකි උපරිම අයුරින් ඉටුකරන ලෙසත්, අවධාරණයෙන් පැවසීය.

සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පැවැති සියලු නිල තේපැන් සංග්‍රහයේදී නව 51 සේනාංකාධිපති හට සේනාංකයේ නිලධාරින් සමඟ සුහදව හමුවී අදහස් හුවමාරු කරගැනීමට ද අවස්ථාව ලැබුණි.

නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ද හමුවිය.

short url link | Sneakers Nike