Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2018 14:44:52 Hours

නයිජිරියා යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහය අපේක්‍ෂා කරයි

නයිජිරියා යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපදෙස් හා සහයෝගය ලබාගැනීම සඳහා නයිජිරියා හමුදා නිලධාරින් 05 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව ඇත.

මෙම නියෝජිත පිරිස, විදේශගතව සිටින යුද්ධ හමුදාධිපති වෙනුවට සඳුදා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු හමුවී සුහදව අදහස් හුවමාරු කරගත්හ.

එහිදි, නයිජීරියානු යුද්ධ හමුදාවේ දැක්මට අනුව කාන්තා බලකායක් ස්ථාපනය කිරීමට වැදගත්වන දෛනික රාජකාරින්, බලකායක් ස්ථාපනය කිරීමට වැදගත්වන කරුණු, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන ව්‍යුහය, වගකිම් සහ කාර්යභාරය පිළිබඳ මෙන්ම කාන්තා බලකායක් සදහා අවශ්‍ය වෙනත් අවශ්‍යතාවයන් පිළිබඳව සාකච්ඡා කළහ.

බ්‍රිගේඩියර් ජෙනරාල් පී.බී ෆ‍ෙක්‍රෝප (Brigadier General P. B Fakrogha) ගේ ප්‍රධානත්වයෙන් යුතු නයිජිරියා නියෝජිත පිරිස දින හයක කාලයක් දිවයිනේ රැඳිසිටිමට නියමිතය.

මෙම දුත පිරිසට අවශ්‍ය උපදෙස් හා සහයෝගය ලබාගැනීමේ අරමුණින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් හමුවීමට ප්‍රථම, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි සහ 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි තුමිය සමඟ ද සාකච්ඡා කළහ.

මෙම නයිජිරියා නියෝජිත පිරිස, ඔවුන්ගේ හමුදාව තුල කාන්තා බලකායක් පිහිටුවීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායන් පිළිබඳ සිය කැමැත්තෙන්ම ඔවුන්ගේ අත්දැකීම් හා අදහස් හුවමාරු කරගත් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සටන් භූමියේදි ලද අත්දැකීම් පිළිබඳව ද විමසූහ.

මෙම සුහද හමුව අවසානයේ දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් නියෝජිත පිරිස වෙත සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

මෙම දුත පිරිස සඳුදා (21) දින යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි අතර එහිදි 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් චතුරිකා බොම්ඹුවල විසින් ශ්‍රී ලංකා කාන්තා බලකායේ ඉතිහාසය, ව්‍යාප්තිය, පුහුණුව, බඳවා ගැනීම, ජයග්‍රහණයන්, මානුෂීය මෙහෙයුම, කාන්තා සෙබළියන් මුහුණ දෙන අභියෝගයන් පිළිබඳව කෙටි ඉදිරිපත් කිරීමක් සිදුකල අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩඩ්ලි වීරමන්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද මේ සඳහා එක්විය.

තවද අධ්‍යයන චාරිකාවක් සඳහා ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ගිය මෙම නයිජිරියානු දුත පිරිස ආදර්ශකයන් සමගින් ප්‍රභු ආරක්‍ෂක රාජකාරින් සඳහා පුහුණුව ලැබු කාන්තා සෙබළියන්ගේ පුහුණු ක්‍රියාකාරකම් සහ රාජකාරි ස්වාභාවය පිළිබඳව දැනුමක් ලබාගත් අතර ඔවුන් දිවයිනෙන් පිටව යාමට ප්‍රථමයෙන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ වන 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මුලස්ථානයේ සංචාරයක නිරතවීමට ද නියමිතව ඇත.

Buy Kicks | Yeezy Boost 350 Trainers