Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2018 16:00:27 Hours

නයාරු කඨින පූජෝත්සවයට 593 වන බලසේනාවේ සහය

නයාරු, ගුරුකන්ද විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය නොවැම්බර් මස 17 සහ 18 දිනයන්හි පැවැති අතර මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 593 වන බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබීය.

විහාරස්ථාන පරිශ්‍රයේ පැවැති ‘සත් බුදු පූජා’ පිංකම සහ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහ 593 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගි වූහ.

එමෙන්ම, කඨින චීවරය රැගත් වර්ණවත් පෙරහැර විහාර පරිශ්‍රය වෙත වැඩම කරවා පැවැති පූජාවෙන් අනතුරුව (18) දින උදෑසන මහා සංඝයා වහන්සේලා 15 නමක් විෂයෙහිලා හීල් දානය පිළිගන්වනු ලැබීය. best Running shoes brand | Nike Shoes