Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2018 18:27:32 Hours

නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් හි නියෝජිතයින් සඳහා ‘නායකත්ව පුහුණුව’ දෙවන අදියර

නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් හි සේවයේ නියුතු නිලධාරින් / නිලධාරිණියන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප සංවර්ධනය පිළිබඳ පුහුණු වැඩමුළුවේ දෙවන අදියර මැයි මස 21 සිට 25 දක්වා දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී සහ දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ දී පවත්වන ලදි.

පලාත් පාලන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත නායකත්ව ගුණාංග සහ නිපුණතා සංවර්ධනය කිරිම, අභියෝග ජයගැනිමට අවශ්‍ය මානසික ශක්තිය හා සුදානම ඇති කිරිම, සමාජ සදාචාරය සහ සමාජ හැසිරීම ඉගැන්විම මෙන්ම වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම හා මානසික සමතුලිතතාවය වර්ධනය කිරිම සඳහා මෙම පාඨමාලාව නිර්මාණය කර තිබේ.

එම නේවාසික පුහුණු සැසි සඳහා පලාත් පාලන ආයතනයන්හි සේවයේ නියුතු නිලධාරින් 83 ක් සහ නිලධාරිණියන් 34 ක් සහභාගි වූහ.

affiliate link trace | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival