Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2017 11:14:20 Hours

ධුරකාලය අවසන්ව ඉවත්වයන කිලිනොච්චි ආඥාපති හට හමුදා ගෞරව

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ධුරකාලය අවසන්විම වෙනුවෙන් පැවති විධිමත් හමුදා උත්සවය සෙනසුරාදා (14) දින පැවත්විය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් සම්ප්‍රදානුකුලව තම ධුරයෙන් ඉවත්ව යන ආඥාපති වෙත කඳවුරු සම්මාන මුරයක් හා ආචාර සම්මාන පෙළපාලියක් පවත්වන ලදි.

සරඹ පිටියේ පැවති හමුදා උත්සවයෙන් අනතුරුව ඉවත්ව යන ආඥාපතිවරයා විසින් චාරිත්‍රානුකුලව තම රාජකාරින් භාරදිම සංකේතවත් කරමින් නිල ධජය නව ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හට පිරිනැමීම සිදු කළහ.

මෙම අවස්ථාවට මතකයන් එකතු කරමින්, ධූරකාලය අවසන්ව ඉවත්ව යන ආඥාපති තුමන් කඳවුරු පරිශ්‍රයේ දී 'අඹ' පැළයක් රෝපණය කර අතර, පසුව තම ධුරකාලය අවසන්විම සංකේතවත් කිරිමට කර්යාලයේදි විධිමත් ලියවිල්ලකට අත්සන් තැබිය.

ඉවත්ව යන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරයා අඟහරුවාදා (10) දින ඔහුගේ සමුගැනිමේ කතාවේදි සියලුම නිලධාරින් හා සෙසුනිලයන් ඔහුහට ලබාදුන් සුවිශේෂි සහයෝගය අගය කල අතර නව ආඥාපතිවරයා හටද එම සහයෝගයම ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදි.

මේ සඳහා ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති හා 57 , 65 හා 66 සේනාංකයන්හි සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරු හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතුළු අනෙකුත් නිලධාරින් ද සෙසුනිලයින් ද මෙම උත්සවයට සහභාගි විය.

Asics footwear | Ανδρικά Nike