Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th May 2018 14:46:30 Hours

දිවිපිදු ජාතියේ ආරක්‍ෂකයින් සිහිපත් කරමින් දිවයින පුරා යුද්ධ හමුදා කඳවුරු තුළ සැමරුම් උත්සව පවත්වයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් පරිදි දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මුලස්ථාන, සේනාංක මුලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස්, බලසේනා මුලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා පුහුණු පාසල්, ඒකක, ක්ෂේත්‍ර මූලස්ථාන සහ රණවිරු සුභසාධන මධ්‍යස්ථානයන්හි දේශය වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සැමරීමේ උත්සව සිකුරාදා (18) දින පෙරවරු 9.30 ට පවත්වන ලදී.

මෙම රණවිරු සැමරුම ජාතික ධජය හා යුද්ධ හමුදා ධජයන් එසවීම, ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, විනාඩි 02 ක නිෂ්ශබ්දතාවය, රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් නිකුත් කරන ලද පණිවිඩය කියවීම, ආයතන ප්‍රධානි විසින් කෙටි දේශණයක් පැවත්වීම ආදි කාර්යයන් රැසකින් සමන්විත විය.

මීට අමතරව, කිලිනොච්චි පිහිටි 57 වන සේනාංකයේ සේනංකාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භට පිරිස් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් එක්ව රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සඳහා කන්දසාමි කෝවිල් පරිශ්‍රයේ දී පහන් ආලෝකමත් කරමින් තවත් රණවිරු සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය. ඒ සඳහා 57 වන සේනාංකය යටතේ සේවයේ නියුති නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ද මහත් වූවමනාවෙන් යුතුව සහභාගි විය.

(තවත් ඡායාරූප පහතින්)

latest Nike Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov