Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2018 00:47:59 Hours

දිවයිනෙන් පිටත්ව යන නේපාල යුද්ධ හමුදා ප්‍රධානීට, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභ පැතුම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් දිවයිනේ සංචාරයක නිරත නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) ඇතුළු හමුදා සහ සිවිල් නියෝජිතයින් දහදෙනෙකුගෙන් සමන්විත දුත පිරිස ඉරිදා (21) දින රාත්‍රියේ දී සංචාරය නිමා කොට දිවයිනෙන් පිටත්ව ගියහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හි සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය සංචාරක නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) සහ රිටා චෙත්‍රි මහත්මිය (Mrs Rita Chhetri) දිවයිනෙන් පිටත්වීමට පෙර, කොළඹ හෝටලයක දී සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙම අවස්ථාවේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) දිවයිනට පැමිණ සිදු කල සංචාරය අලලා ගනු ලැබු ඡායාරූප ඇල්බමයක් ප්‍රදානය කරනු ලැබීය.

නේපාල යුද්ධ හමුදා ප්‍රධානී දිවයිනේ සිදු කල සංචාරය අතරතුරදි, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, නාවික සහ ගුවන් හමුදාපතිවරුන් හමුවූ අතර, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ ත්‍රිකුණාමලයේ ස්ථාපිත 22 වන සේනාංකයේ සංචාරයක නිරත විය.

නේපාල යුද්ධ හමුදාධිපති තුමන් මෙරටින් නික්ම යන අවස්ථාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ද ගුවන් තොටුපල පරිශ්‍රයේ ඔහුට සමුදීම සඳහා එක්ව සිටියහ.

Sports News | Men's Footwear