Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2018 18:12:28 Hours

දිවයින පුරා ක්‍රියාත්මක ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතිය මැණික් ෆාම් හිදී ආරම්භ කෙරේ

මේ වනවිට ක්‍රියාත්මක වන ‘වනරෝපා’ ජාතික වැඩසටහන සඳහා අවධානය යොමු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය මුලිකත්වය ගෙන කටයුතු කරන ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතියේ අවසාන අදියර ලෙස, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්විම යටතේ දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මුලස්ථාන 7 හි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සෙනසුරාදා (27) දින අදාළ බල ප්‍රදේශයන්හි පැළ 6000 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදි.

මෙම වැඩසටහනේ ප්‍රධාන උත්සවය සෙනසුරාදා (27) උදෑසන යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව, මැණික් ෆාම් යුද්ධ හමුදා ගොවිපලේ දී පැවැත්විය. තවද යුද්ධ හමුදාධිපතිතුමාගේ අනුග්‍රහය යටතේ දැනටමත් දිවයින පුරා ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර ඇති අතර මෙම ව්‍යාපෘතියේ දී යුද්ධ හමුදා සාමාජිකයින්, මාධ්‍යවේදීන් හා සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව දුර්ලභ වර්ගයේ පළතුරු පැළ 150 ක් රෝපණය කරනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදා මුල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර සමඟින් උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසෙ ආඥාපති මේජර් ජෙනරාල් හේමන්ත කුලතුංග, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම ජාතික වැඩසටහන පැවැති අතර මැණික් ෆාම් යුද්ධ හමුදා ගොවිපලේ පරිශ්‍රයේ දී නමිනං, ලාවුලු, ගඩුගුඩා, සැපතිල්ලා, වීර, මෝරා, කොන්, මී, දං ආදි පළතුරු පැළ රෝපණය කරනු ලැබීය.

මේ අතර, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් එම සේනාංකයේ භට පිරිස් විසින් ‘වනරෝපා’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව සෙනසුරාදා (27) දින එම මූලස්ථාන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

තවද ‘වනරෝපා’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව තවත් වැඩසටහනක් මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලැබීය. ඒ අනුව, මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේහි කරඳ හා මී පැළ තොගයක් රෝපණය කරන ලදී. මෙම වැඩසටහන සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩි.කේ. කොස්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

මීට අමතරව, ජාතික ‘වනරෝපා’ ව්‍යාපෘතියට සමගාමීව තවත් රුක්රෝපණ ව්‍යාපෘතියක් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඉරිදා (28) දින එම මූලස්ථාන පරිශ්‍රයේ දී දියත් කරනු ලැබීය.

දිවයින පුරා මේ දිනවල යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන රුක්රෝපණ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ කොහොඹ, ඉන්දිය මහෝගනි, හල්මිල්ල, බෙලි, දිවුල්, කොස් ඇතුළු ආර්ථික වටිනාකමින් යුතු පැළ 300 කට අධික ප්‍රමාණයක් රෝපණය කරනු ලැබීය.

පරිසර හිතකාමි සමාජයක් ඇති කිරීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු මෙම ව්‍යාපෘතියට සමගාමී‍එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකක පරිශ්‍රයන්හි තවත් පැළ 6000 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමට සැලසුම් කර ඇත. best Running shoes brand | Sneakers